අතීතය
පටුනකුත් නැති ජීවිතේ පොත
පෙරලද්දි පිටු ගලපලා
සතුට,සිනහව හැමට වැඩියෙන්
දුකත් එ් තුළ රැදවිලා...
මුල්ම පිටුවල අකුරු තිබුණා
නේක පාටින් හැඩ වෙලා
පියැඹු කාලයත් එක්කම
පොතේ පිටු අැත පෙරළිලා...
කියවන්න බැරි තරම් සමහර
ඡේද අැත එහි බොද වෙලා
අකුරු අැද වුණු පේලිවල අද
මගේ හිත ගොස් පැටලිලා...
අෑත දවසක ගෙවුණු මොහොතක්
තව වරක් සිහියට නගා
පරව මැලවුණු රෝස පෙත්තක්
තිබුණි පිටුවක සැගවිලා...
නිම කරන්නට බොහෝ පිටු අැත
මේ පොතේ තව කියවලා
කදුලු සිනහව මැදින් යන්නෙමි
පසුවදන හමුවන තුරා...
පෙරලද්දි පිටු ගලපලා
සතුට,සිනහව හැමට වැඩියෙන්
දුකත් එ් තුළ රැදවිලා...
මුල්ම පිටුවල අකුරු තිබුණා
නේක පාටින් හැඩ වෙලා
පියැඹු කාලයත් එක්කම
පොතේ පිටු අැත පෙරළිලා...
කියවන්න බැරි තරම් සමහර
ඡේද අැත එහි බොද වෙලා
අකුරු අැද වුණු පේලිවල අද
මගේ හිත ගොස් පැටලිලා...
අෑත දවසක ගෙවුණු මොහොතක්
තව වරක් සිහියට නගා
පරව මැලවුණු රෝස පෙත්තක්
තිබුණි පිටුවක සැගවිලා...
නිම කරන්නට බොහෝ පිටු අැත
මේ පොතේ තව කියවලා
කදුලු සිනහව මැදින් යන්නෙමි
පසුවදන හමුවන තුරා...
❤
ReplyDelete☺️☺️☺️☺️☺️
ReplyDelete❤️
ReplyDelete❤️
ReplyDelete