කසාවත
වෙල් එලිවල අැළදොළවල
පැනලා නටපු එ් කාලේ
සිහිවෙනවා තාමත් මට
හිමියනි නුඹ දුටු වාරේ
ඉදහිටවත් එන්න බැරිද
අැවිත් යන්න එ් වාගේ
නුඹ ගිය පසු කසාවතට
දැනේ අඩුව මට රිසි සේ
ඔට්ටු දුවන්නෙත් නැ දැන්
ගමන බිමන හරිම හෙමින්
නිවන් යන්න මඟ සොයනෙලු
අැහුණා මට නුඹේ මුවින්
අනේ මන්දා ඕවා නම්
තාම නොතේරේ මා හට
යන තැනකට මේ මාවත්
එක්කන් යනවද හනිකට
ඔය නිවනට හුඟක් දුරද
තනියම යා හැකිද නුඹට
මං එන්නම් නුඹේ තනියට
යමු අපි හෙට නිවන් පුරට
පැනලා නටපු එ් කාලේ
සිහිවෙනවා තාමත් මට
හිමියනි නුඹ දුටු වාරේ
ඉදහිටවත් එන්න බැරිද
අැවිත් යන්න එ් වාගේ
නුඹ ගිය පසු කසාවතට
දැනේ අඩුව මට රිසි සේ
ඔට්ටු දුවන්නෙත් නැ දැන්
ගමන බිමන හරිම හෙමින්
නිවන් යන්න මඟ සොයනෙලු
අැහුණා මට නුඹේ මුවින්
අනේ මන්දා ඕවා නම්
තාම නොතේරේ මා හට
යන තැනකට මේ මාවත්
එක්කන් යනවද හනිකට
ඔය නිවනට හුඟක් දුරද
තනියම යා හැකිද නුඹට
මං එන්නම් නුඹේ තනියට
යමු අපි හෙට නිවන් පුරට
🙏🙏🙏🙏🙏
ReplyDelete🙏
ReplyDelete🙏
ReplyDeleteසුපිරි❤️
ReplyDelete