සරසවි ජිවිතය
එකම අහසක
එකම පොළවක
වෙනස හොද හැටි දැනෙනවා
එදා පෑයු ඉරම අද
අපිට සරදම් කරනවා
එ් ඉරේ රස්නේ අද
පෙරට වැඩියෙන් දැනෙනවා
නැගෙන දා බිදු ඉරට බැන බැන
හෙමින් රූරා වැටෙනවා
උගුරේ ලේ රහ දැනෙද්දිත් අපි
තවත් කෑ මොර නගනවා
අව්ව,වැස්සට ඔරවමින් අපි
පාරේ අරගල කරනවා
පනහේ බත් වේල අපේ
බඩවියත නිති රකිනවා
ලුණුත් නැති එක වතුර හොද්දක්
අපේ බත රස කරනවා
අම්මගේ බත මතක් වෙද්දි
උගුර හිර වි දැනෙනවා
නැගෙන කඳුලැල් නිවාගන්නට
අපේ උන් ළග ඉන්නවා
දුකට තනි වුණ හැම වෙලාවෙම
සැම එකාමෙන් රැදෙනවා
ලෙයින් නහරෙන් වෙන් වුණත් අපි
සහෝදර බව හැගෙනවා
එකම පොළවක
වෙනස හොද හැටි දැනෙනවා
එදා පෑයු ඉරම අද
අපිට සරදම් කරනවා
එ් ඉරේ රස්නේ අද
පෙරට වැඩියෙන් දැනෙනවා
නැගෙන දා බිදු ඉරට බැන බැන
හෙමින් රූරා වැටෙනවා
උගුරේ ලේ රහ දැනෙද්දිත් අපි
තවත් කෑ මොර නගනවා
අව්ව,වැස්සට ඔරවමින් අපි
පාරේ අරගල කරනවා
පනහේ බත් වේල අපේ
බඩවියත නිති රකිනවා
ලුණුත් නැති එක වතුර හොද්දක්
අපේ බත රස කරනවා
අම්මගේ බත මතක් වෙද්දි
උගුර හිර වි දැනෙනවා
නැගෙන කඳුලැල් නිවාගන්නට
අපේ උන් ළග ඉන්නවා
දුකට තනි වුණ හැම වෙලාවෙම
සැම එකාමෙන් රැදෙනවා
ලෙයින් නහරෙන් වෙන් වුණත් අපි
සහෝදර බව හැගෙනවා
😍😍😍😍
ReplyDelete❣️❣️❣️❣️❣️
ReplyDelete👍👍👍👍
ReplyDeleteලස්සනයි😘 කැකුලීයෝ
ReplyDeleteඒක ලස්සනයි
ReplyDelete