ගණිකාවකගේ මළගම

සුදු අැදන් පෝලිමට
බිම බදා වැලපෙමින්
දෙනෝදාහක් නොගිය
තවත් මළගමකි එය...

එ්ත් දිගු කලක සිට
ටයිකෝට් අැදි දනන්
වරින් වර පිය නැගු
නේක සුරපුරකි එය..

නිරුවතින් ලොව ඉපිද
ලෝකයේ යදම් මැද
රොනට එව බඹරිදුන්
මත්කෙරු මලකි අැය..

රොන් උරපු බඹර විත
විෂ වෙලා ඉතින් අද
වෙන්ව යනදා මියැදි මේ මල
සිනාසෙයි එක් රුවක් කෝලව

මියැදි කුසුම් ශේෂයක්
නොදැන මේ ලොව අතරමං බව
කේසේ හඬනුද ඉකිලමින් අෑ
හයක් හතරක් නොතේරෙන කල...

Comments

  1. ❣️❣️❣️❣️❣️❣️

    ReplyDelete
  2. සමාජයේ යම් තැනක කුමක් හෝ වැරැද්දක් ඇති බවයි මට හැගෙන්නේ.......

    ReplyDelete
  3. Looke aththama thathve...oka...

    ReplyDelete

Post a Comment