රූපවාහිනියේ පලමු මහජන ප්‍රදර්ශනය
1926 ජනවාරි මස 26 වනදා බෙයාඩ් විසින් ලන්ඩන් හි සොහෝ දිස්ත්‍රික්කයේ 22වන ෆ්‍රිත් මාවතේ වූ ඔහුගේ විද්‍යාගාරයේ දී රාජකීය ආයතනයේ සාමාජිකයන්ට හා ද ටයිම්ස් හි වාර්තාකරුවෙකුට විකාශනය නැවත වරක් පෙන්වන ලදී. මෙම කාලය වන විට ඔහු පරිලෝකන සීඝ්‍රතාව තත්පරයකට රූප 12.5ක් දක්වා වැඩි දියුණු කර තිබිණි. මෙය සත්‍ය රූපවාහිනී පද්ධතියක ලොව ප්‍රථම ප්‍රදර්ශනය වූ අතර ශබ්දය සමඟ චලනය වන සජීවී රූප විකාශනය කළ හැකි එක ද විය.
ඔහු 1928 ජූලි 3වනදා ලෝකයේ ප්‍රථම වර්ණ සම්ප්‍රේෂණය ප්‍රදර්ශනය කරන ලදී. මේ සඳහා ඔහු සම්ප්‍රේශණ හා ප්‍රතිග්‍රාහක කෙළවරවල පරිලෝකනය කිරීමේ තැටි දඟර ඇත උපකරණ 3ක් සමඟ යොදා ගත් අතර එක් එක් දඟරය වෙනස් ප්‍රාථමික වර්ණවල පෙරහනක් සමඟ වූ අතර ප්‍රතිග්‍රාහක අන්තයෙහි ආලෝක ප්‍රභව තුනක් හා ඒවායේ දීප්තිය විචල්‍ය කිරීමට කොමියුටේටරයකින් ද යුක්ත විය. එම වර්ෂයේ දීම ඔහු ත්‍රිමාණේක්ෂ රූපවාහිනී නිරූපණය කළේය. 1932 දී අධි කෙටි තරංග සම්ප්‍රේශණය නිරූපණය කළ පළමු වැන්නා බවට ද ඔහු පත්විය.
දැනුමට යමක්...😍
ReplyDeleteMaru
ReplyDeleteMaru
ReplyDelete👍
ReplyDelete👍👍👍👍
ReplyDelete👍👍👍
ReplyDeleteHm
ReplyDelete👍👍👍
ReplyDeletePatta 👍👍
ReplyDeleteනියමයි
ReplyDelete💜️💜️
ReplyDelete👍✋✌️
ReplyDelete👍👍👍👍
ReplyDeleteEla
ReplyDelete