එරබදු වසන්තය

අවුරුදු සිරි කැන්දන්
වස්සානයේ අරුණැල්ල
කඳු පන්ති අතරින්
හිරු කුමරු අැවිදින්

ගම් නියම් සිසාරා
උදාවෙයි වසන්තය
මිණි කොවුල් ගී මිහිර
බක්මහේ අඬහැරය

විහිදෙමින් දස දෙසින්
එරබදු කුසුම් කැන්
සිනා සඳ කැන් පහන්
පැතුම් විකසිත වෙමින්

කිරි සුවඳ විහිදමින්
නෑ සුවඳ ගෙට අැවිත්
සියලු දෙන එකතුව
ගෙනෙයි අවුරුදු පැතුම්

Comments

Post a Comment