බහිරව අාත්ම
ගම්වල ජනතාව එ් එ් අය විසින් හදා ගත්ත එක එක ජනප්‍රවාද කතා විශ්වාස කළා.එ් ගොල්ලන් එ් වගේ කතා ගොඩක් කියනවා මං අහලා තියෙනවා.එ්වා රසයි වගේම ටිකක් විතර භයංකරයි.එ් වගේම කතාවකට අපේ අාච්චි මූණ දීලා තියෙනවා.අන්න එ් කතාව තමයි මේ.
අපේ ගම අනුරාධපුරේ තියෙන දුෂ්කර ගමක්.කෘෂිකර්මාන්තය තමයි ප්‍රධාන ජීවිකාව වුණේ..එ් වැඩ කරලා අැවිල්ලා ගෙදර වැඩ ටිකත් කරලා ඉවර වෙද්දි ඉතින් රෑ වෙනවා.
අපේ අාච්චි දවසක් නිදා ගන්න යද්දි කොහොමහරි පාන්දර වෙලා. එළියට පොඩ්ඩක් ගිහින් එන්නම් කියලා දොර අරින්න යද්දි දොරේ හිඩසකින් දැක්කලු ගෙදර මිදුල ඉස්සරහින් සුදු සරමයි බැනියමයි අැද ගත්ත අවුරුදු 50ක විතර පිරිමි කෙනෙකුයි තව පොඩි පිරිමි ළමයෙකුයි යනවා.පොඩි ළමයට අවුරුදු 12ක් විතර අැතිලු.පොඩි ළමයා අතේ පැන් කෙණ්ඩියකුයි වයසක මනුස්සයා අතේ නව ගුණ මාලෙකුයි තිබුණලු.එක පාරම එ් දෙන්නා දකිද්දි අාච්චි පොඩ්ඩක් බය වුණාලු.ටික වෙලාවක් එයාලා දිහා බලන් ඉදිද්දි දෙන්නා ගල් කන්ද පැත්තට ගියාලු. අපේ පැත්තේ නිදන් තියෙන ගල් කන්දක් තියෙනවා.එ්කේ නිධන් අැති කියලා විශ්වාස කරනවලු.අන්න එ් කන්ද පැත්තට ගියාලු.අාච්චි හිතුවා කියන්නේ ළග ගෙදර මාමායි එ් පුතයි කොහේ හරි ගියා කියලලු...
ඔන්න ඊට පස්සේ දවසේ උදේ අාච්චි විස්තරේ හරියටම දැන ගන්න එහා ගෙදරට ගියාලු. ගිහින් අැහුවලු
"උඹලගේ කොල්ලයි පොඩි එකයි උදේ පාන්දර කොහෙද ගියේ කියල"
එ් ගෙදර නැන්දට මුකුත් හිතා ගන්න බැරුව කිව්වලු
"අපේ දෙන්නා කොහෙවත් ගියේ නැ.ඊයේ ගෙදර හිටියේ කියලා"..
අාච්චි පොඩ්ඩක් බයවෙලා.ඊට පස්සේ එ් ගෙදර අාච්චි කිව්වලු "මං දැකපු බහිරව අාත්ම දෙක තමයි උඹත් දැකලා තියෙන්නේ කියලා."
පස්සේ එ් ගැන තව විස්තර අැහුවාම එ් ගෙදර අාච්චි කිව්වේ ගල් කන්දේ තියෙන නිධන් අාරක්ෂා කරන්න යන බහිරව අාත්ම දෙක කියලා.එ් අාත්ම හැමදාම යනවලු.
දවසක් මමත් එ්ක බලන්න අැහැරන් හිටියා.එ්ත් එ්ක මට පෙනුනේ නෑ මම දේව ගණ නිසා. එ්ක පේන්නේ රාක්ෂ ගණ අයට විතරයි කියලා අාච්චි කිව්වා.
මෙන්න මේ විදියට ගමේ තියෙන නිධාන අාරක්ෂා කරන්න බහිරව අාත්ම තියෙනවා කියලා විශ්වාස කරනවා.එ් අාත්ම නිසා කාටවත් නිධන් ගන්න බැ කියලා ගමේ අය විශ්වාස කරනවා....
කේ.ජේ.එස්.එම්.කැකුලාවල
HS/2016/0520
සාම්ප්‍රදායික සන්නිවේදනය
MACO 21442

😯😯😯😯
ReplyDelete😲😲😲😲😲😲
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete👍👍👍👍👍
ReplyDeleteEla👍
ReplyDelete