Posts

Showing posts from May, 2019
Image
                                                                                  ජීවිතයට ජීවය දෙන                                                                                                                                                     පරිසරය රකිමු සැමදා

කැලණි සරසවිය

දිනවන්න ජයගන්න හිත්බැදි බලාපොරොත්තු කන්ද දිරිය දෙන කැලණි කන්ද තාත්තගේ ශක්තියට අම්මගේ කඳුලකට ණය ගෙවන්නට හීන පොදි බැදි දහක් හිත්වල සුන්දරම නවාතැන දයාබර කැලණි මව අාදරෙයි අප නුඹට අපේ හිත් පිරෙන්නම

යාචකයා

කුසට අහරක් නැතිව හිසට සෙවනක් නැතිව ජීවිතය ගෙවන්නට මහමඟ යදින මිනිසා දුටුවිට සිහි වුණේ ඔබයි බුදු හිමියනේ සිටියා නම් මේ භවේ කියයි හේතුඵලවාදේ පෙරකම් නිසා ඉදුල් කා බඩ පුරවා සිටියි ජීවිතය රැකලා නොවන්නට මෙලෙස මතු භවේ මෙත් වඩමු කුසල් සිත් පතුරවා..

අක්කා

මවක් නොවි මවක් වුණු අඩන විට නැලවිලි ගී කියා නැලවු පුංචි පුංචි බත්ගුලි කවා මා කුස පිරවු අැය අක්කා වීය....

විෂමත්වය

කෙනෙකුගේ අැස් රතු වුණේ දුකට.. තවකෙක්ගේ අැස් රතු වුණේ සතුටට... ලෝකයේ හැමෝම එක වගේ වුණා නම්... එකම කරුණකට අැස් රතු වෙන්න තිබුණා...

සෙබළිය

Image

කසාවත

වෙල් එලිවල අැළදොළවල පැනලා නටපු එ් කාලේ සිහිවෙනවා තාමත් මට හිමියනි නුඹ දුටු වාරේ ඉදහිටවත් එන්න බැරිද අැවිත් යන්න එ් වාගේ නුඹ ගිය පසු කසාවතට දැනේ අඩුව මට රිසි සේ ඔට්ටු දුවන්නෙත් නැ දැන් ගමන බිමන හරිම හෙමින් නිවන් යන්න මඟ සොයනෙලු අැහුණා මට නුඹේ මුවින් අනේ මන්දා ඕවා නම් තාම නොතේරේ මා හට යන තැනකට මේ මාවත් එක්කන් යනවද හනිකට ඔය නිවනට හුඟක් දුරද තනියම යා හැකිද නුඹට මං එන්නම් නුඹේ තනියට යමු අපි හෙට නිවන් පුරට

පත්තරය

Image

අතීතය

පටුනකුත් නැති ජීවිතේ පොත පෙරලද්දි පිටු ගලපලා සතුට,සිනහව හැමට වැඩියෙන් දුකත් එ් තුළ රැදවිලා... මුල්ම පිටුවල අකුරු තිබුණා නේක පාටින් හැඩ වෙලා පියැඹු කාලයත් එක්කම පොතේ පිටු අැත පෙරළිලා... කියවන්න බැරි තරම් සමහර ඡේද අැත එහි බොද වෙලා අකුරු අැද වුණු පේලිවල අද මගේ හිත ගොස් පැටලිලා... අෑත දවසක ගෙවුණු මොහොතක් තව වරක් සිහියට නගා පරව මැලවුණු රෝස පෙත්තක් තිබුණි පිටුවක සැගවිලා... නිම කරන්නට බොහෝ පිටු අැත මේ පොතේ තව කියවලා කදුලු සිනහව මැදින් යන්නෙමි පසුවදන හමුවන තුරා...

සරසවි ජිවිතය

එකම අහසක එකම පොළවක වෙනස හොද හැටි දැනෙනවා එදා පෑයු ඉරම අද අපිට සරදම් කරනවා එ් ඉරේ රස්නේ අද පෙරට වැඩියෙන් දැනෙනවා නැගෙන දා බිදු ඉරට බැන බැන හෙමින් රූරා වැටෙනවා උගුරේ ලේ රහ දැනෙද්දිත් අපි තවත් කෑ මොර නගනවා අව්ව,වැස්සට ඔරවමින් අපි පාරේ අරගල කරනවා පනහේ බත් වේල අපේ බඩවියත නිති රකිනවා ලුණුත් නැති එක වතුර හොද්දක් අපේ බත රස කරනවා අම්මගේ බත මතක් වෙද්දි උගුර හිර වි දැනෙනවා නැගෙන කඳුලැල් නිවාගන්නට අපේ උන් ළග ඉන්නවා දුකට තනි වුණ හැම වෙලාවෙම සැම එකාමෙන් රැදෙනවා ලෙයින් නහරෙන් වෙන් වුණත් අපි සහෝදර බව හැගෙනවා

මිත්‍රයෝ..

Image
                                                                       

පුතුගෙන් මවට

පහළ ⁣⁣⁣වෙ⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣ලේ ළිද අද්දර හරි හරියට පිපී නටන ⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣ගොයම නුඹට දැන් නුහුරුයි එපා අම්මේ ⁣වෙ⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣හෙසෙන්නට වැට අද්දර වාරු අරන් මං එන මග බලන් ඉන්න නුඹට විරිය දැන් කොයින්ද මගේ අම්මේ ඔය අත්වල අපේ පැලේ බත් මුට්ටියේ බත තවමත් ඉදෙනවාද නෝක්කාඩු වුණ තාත්තා ලගදි අැවිත් ගියේ නැද්ද කොළඹ රටේ ඉදන් ඔන්න පුතු අාවා නුඹ බලන්න තුරුලට ගෙන ඔය උණුහුම මොහොතක් දෙනවද විදින්න හෙට දිහාට අායෙත් වෙයි හැල්මේ මට කොළඹ යන්න කාසි මොණරු එක්ක අනේ හරි හරියට ඔට්ටු වෙන්න වෙසක් දොහේ අායෙත් මං එන්නම් අම්මා බලන්න ඉන්නවාද පරිස්සමින් අායෙත් මේ පුතු බලන්න

ගණිකාවකගේ මළගම

සුදු අැදන් පෝලිමට බිම බදා වැලපෙමින් දෙනෝදාහක් නොගිය තවත් මළගමකි එය... එ්ත් දිගු කලක සිට ටයිකෝට් අැදි දනන් වරින් වර පිය නැගු නේක සුරපුරකි එය.. නිරුවතින් ලොව ඉපිද ලෝකයේ යදම් මැද රොනට එව බඹරිදුන් මත්කෙරු මලකි අැය.. රොන් උරපු බඹර විත විෂ වෙලා ඉතින් අද වෙන්ව යනදා මියැදි මේ මල සිනාසෙයි එක් රුවක් කෝලව මියැදි කුසුම් ශේෂයක් නොදැන මේ ලොව අතරමං බව කේසේ හඬනුද ඉකිලමින් අෑ හයක් හතරක් නොතේරෙන කල...

අත්තම්මා

දස මසක් කුස දරා මා මෙලොවට බිහි නොකලත් කැත කුණු අත ගා මූණ අතපය රවුම් කොට නිරෝගි දරැවෙක් කිරිමට වෙහෙසුන ඕ...  අත්තම්මාය..